Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණය ඇරඹේ

පසුගියදා මහනුවර ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණය ඊයේ (09) ආරම්භ විය.

එය තෙදිනක් පුරා මහනුවර දී පැවැත්වෙන බවයි, එම කොමිෂන් සභාව නිවේදනය කළේ. 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතට අනුව අදාළ ප්‍රදේශයට ගොස් මහජන පැමිණිලි විමර්ශනය කිරීම සිදුවිය. ඒ අනුව, පසුගිය අප්‍රේල් මස 21 වැනි දින වනවිට සිද්ධිය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ පාර්ශව වලින් තොරතුරු හා සාක්ෂී ලිඛිතව රැස් කිරීම අවසන් කළ බවයි, මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරන්නේ.