Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

පිලිපීනය කුවේටයට ගෘහ සේවිකාවන් යැවීම තහනම් කරයි

පිලිපීන ශ්‍රමිකයන්, විශේෂයෙන් ගෘහ සේවිකාවන් රැකියා සඳහා කුවේට් දේශයට යාම තහනම් කරමින් පිලිපීනයේ ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටාර්ටේ විසින් පනවන ලද තහංචිය මේ දිනවල විශාල ආන්දෝලනයක් මතු කරයි. මීට පෙර තාවකාලික තහනමක් ලෙස පැනවුණ මේ වන විට එය ස්ථිර තහනමක් බවට පත්ව ඇති ආකාරයක් දක්නට ලැබේ.

මේ නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගටුමක් ද නිර්මාණය වී තිබේ. මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූයේ පසුගිය පෙබරවාරි මාසයේ සිදු වූ සිද්ධියකි. එනම් කුවේටයේ සේවය කරමින් සිටි පිලිපීන ජාතික ගෘහ සේවිකාවකගේ මළ සිරුරක් අත්හැර දමන ලද නිවසක ශීතකරණයක තිබි සොයා ගනු ලැබිමයි. මළ සිරුර සොයා ගනිද්දී ඇය අතුරුදහන්ව වසරක පමණ කාලයක් ගතව තිබූ බවක්ද සඳහන් වී තිබේ. සැක කෙරුණේ ඇය සේවය කළ නිවසේ හාම්පුතුන් විසින් ඇය ඝාතනය කරනු ලබන්නට ඇති බවටයි. පිලිපීන ශ්‍රමිකයන් රැකියා සඳහා කුවේටයට යාම නතර කිරීමට පිලිපීන ජනාධිපතිවරයා පළමුවරට පියවර ගත්තේ ඒ සමගය.


“පිලිපීන ජාතිකයෙක් කියන්නේ කාගෙවත් වහලෙක් නොවෙයි. අපි ඔබට ඉතා ශක්තිමත්, නිරෝගී ශ්‍රමිකයෙක් එවනවා. ඔබ නැවත අපිට වධහිංසාවට ලක් කළ ශ්‍රමිකයෙකු හෝ විකෘති වූ මළ සිරුරක් හෝ ආපසු එවන්න එපා” යැයි ඩියුටාර්ටේ ආවේගශීලීව පවසා තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි.