Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

ඉරානය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හැරීමට මොරොක්කෝව තීරණය කරයි

මොරොක්කෝවේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා ලේකම් Nasser Bourita මහතා පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ඉරානය හිස්බුල්ලා සංවිධානය හරහා බටහිර සහරා මහජන විමුක්ති පෙරමුණට මුදල් හා අවි සැපයීම හා එහි සාමාජිකයින්ට පුහුණුව ලබාදීම පිළිබඳ සාක්ෂි මොරොක්කෝව සතුව ඇති බව හෙතෙම සඳහන් කළේය. එමඟින් මොරොක්කෝ ජාතීන්ගේ ආරක්ෂාවට හා ප්‍රතිලාභයන්ට ඉදිරියේදී තර්ජන එල්ල විය හැකි බව පැවසේ.


දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නතර කිරීම හුදෙක් ද්වීපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් බව පැවසේ. එයින් කලාපීය හා ජාත්‍යන්තර තත්ත්වයන්ට කිසිදු බලපෑමක් නොවන බව සඳහන්.