රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා විසින් තමන් අත්අඩංගුවට ගැනීම පිණිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා ගොනු කෙරුණූ මූලික අයිතිවාසිකම් පෙත්සම 11 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළේය.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සලකා බැලු අවස්ථාවේදීය. අධිකරණය මගින් තම බැංකු ගිණුම් තහනම් කිරීමට ගෙන ඇති නියෝගය අවලංගු කරන ලෙස හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆැන්සිස් මහතාගෙන් කෝටි 10ක වන්දියක් ඉල්ලා උදයංග වීරතුංග මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි. මේ වන විට ඒ මහතා එක්සත් අරාබී එමිර් රාජ්‍යයේ ආරක්ෂක භාරයේ පසුවේ.