Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

කොළඹ කේන්ද්‍ර කර ගනිමින් නව උප නගර 05ක්

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් නව උප නගර 05ක් ඉදිකරන බව මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අඩු ආදායම් පවුල් වෙනුවෙන් හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් හා කොළඹ නගරය අලංකරණය වෙනුවෙන් මාලිගාවත්ත නිවාස සංකීර්ණය මෙන් 10 ගුණයක් විශාල මෙම නව උප නගර 05 ඉදිකිරීමට පියවර ගෙන ඇත.

දෙමටගොඩ, හේණමුල්ල, මාලිගාවත්ත, කොලොන්නාව, කිරුළපන ප්‍රදේශවල මෙම උප නගර ඉදිකරමින් පවතින බව ද ඇමතිවරයා කියයි. කොළඹ නගරයේ නිවාස ඉදිකිරීමට හා බත්තරමුල්ලේ නව පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණ 3ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 37,000ක මුදලක් වැය කිරීමට ද බස්නාහිර පළාත් සංවර්ධන හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය සූදානම් වෙයි.