Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

මැතිවරණයක් අතරතුර ඇති වු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 12ක් මරුට

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවති මැතිවරණය අතරතුර හටගෙන ඇති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරවලින් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන් වෙයි.

බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන අතරතුර ඡන්දායකයින්ට පහරදීම් සහ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් වාර්තා වෙයි. විශ්ලේෂකයින්ට අනුව මෑත ඉතිහාසය තුළ දී ප්‍රාන්තයෙන් වාර්තාවූ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම මැතිවරණය මෙය බවත් සඳහන් වෙයි. භාරතීය ජනතා පක්ෂය චෝදනා කරන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ප්‍රාන්තයේ පාලක පක්ෂය වන ත්‍රයිනමූල් කොංග්‍රසය වගකිව යුතු බවයි. කෙසේ නමුත් සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට මැතිවරණය සාමකාමී බව ත්‍රයිනමූල් කොංග්‍රසය පවසා තිබේ.