Social Icons

facebookrss feedemailtwitter

Monday, May 14, 2018

ඉන්දුනීසියාවේ දේවස්ථාන තුනක බෝම්බ පිපිරීම් - 13ක් මරුට

ඉන්දුනීසියාවේ දේවස්ථාන තුනකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් 13 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඉන්දුනිසියාවේ දෙවැනියට විශාල නගරය වන සුරබයා හි ඉස්ලාම් දේවස්ථාන තුනක මෙම පිපිරීම් සිදුව ඇත.


එක් දේවස්ථානයක මවක් සහ ඇගේ දියණියන් දෙදෙනා විසින් බෝම්බ පුපුරුවා ගනු ලැබ ඇති අතර තවත් ස්ථානයක පියා සහ පුතුන් දෙදෙනා විසින් බෝම්බ පුපුරුවා ගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. මොවුන් එකම පවුලකට අයත් අය බවට පොලිසිය සැක කරයි.

මෙය 2005 වර්ෂයෙන් පසු ඉන්දුනීසියාවේ ඇතිවූ මාරාන්තිකම ප්‍රහාරය වන අතර ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකරන්නට ඇතැයි පැවසේ. එක් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී මිනිත්තු කිහිපයක් ඇතුලත අනෙක් ප්‍රහාර දෙකද එල්ල වී ඇත. අයි. එස්. සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර 2005 වසරෙන් පසු ඉන්දුනීසියාවට එල්ල වූ බරපතළම ත්‍රස්ත ප්‍රහාරය මෙය ලෙස සැලකේ.
ඉන්දුනිසියානු ජනගහනයෙන් 90%ක් ඉස්ලාම් ජනතාව වන අතර ක්‍රිස්තියානි, හින්දු සහ බෞද්ධයෝ ද සැලකියයුතු පිරිසක් එරට ජීවත් වෙති. 2005 වසරේදී ඉන්දුනීසියාවේ බාලි දූපතට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.