Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

බස් ගාස්තු නැංවීමේ යෝජනාව 15 අමාත්‍ය මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක විය යුතු වන්නේ කෙසේද යන්න පිළිබද යෝජනාව 15 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් 04 වැනි දින ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වෙන බවයි.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියයට 20 ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසා තිබේ. එසේ නොමැති වුවහොත් ලබන 17 වැනි දින සිට වර්ජනයකට අවතීර්ණ වන බව ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ ජූලි 1 වැනි දින සිදු කෙරෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ද මෙම නව ගාස්තු වෙනස් කිරීම‍ට ඇතුළත් කරන බවයි.