Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටීමෙන් 18 දෙනෙකු මරුට

ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

ඊයේ (15) සිදු වූ මෙම අනතුරෙන් ගුවන් පාලම යට නවතා තිබූ රථ වාහන වලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කඩා වැටුණු ගුවන් පාලමේ සුන්බුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක විය .
මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් මෙම ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි සේවකයින් බව පැවසේ.