Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

රුපියලේ අගය සියයට 3.2 කින් අවප්‍රමාණය වේ - මහ බැංකුව

මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 වැනි දින දක්වා කාලයේදී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2 කින් අවප්‍රමාණය වී ඇතැයි, ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව වසරේ මුල් මාස තුන අවසානයේදී සියයට 3 කින් අවප්‍රමාණය වී තිබූ රුපියල මුල් මාස හතර අවසන් වන විට සියයට 3.2 කින් අවප්‍රමාණය වී ඇත. අප්‍රේල් මස 25 වැනි දා රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර රුපියල දිනෙන් දින තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතී. එදින ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04 ක් දක්වා ඉහළ ගියේය.

ඉහත කාලයේදී ස්ටලින් පවුමකට සාපේක්ෂව රුපියල සියයට 4.1 කින් ද, යූරෝවකට සාපේක්ෂව රුපියල සියයට 3.6 කින් ද අවප්‍රමාණය විය. පසුගිය වසරේදී රුපියල සියයට 2.5 කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9 කින් අවප්‍රමාණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.99 ක් දක්වා ඉහළ ගොස් ඇත.