Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

තොරතුරු දැනගැනීමේ අන්තර්ජාතික සමුළුව ඇරඹේ

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා නොර්වේජියානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේසන් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොලවත්ත යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්විය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය මෙරට ක්‍රියාත්මක වී වසරක් පිරීම සහ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරමින් මෙම අන්තර්ජාතික සමුළුව පැවැත්විණි. තොරතුරු සොයන්නන් මුහුණ දෙන අවදානම හා ඔවුන්ගේ ආරක්ෂාව, පුද්ගල දත්ත සුරක්ෂිතාතාව, තොරතුරු අයිතිය පිළිබඳ සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය සතු භූමිකාව, තොරතුරු අනාවරණය හා තාක්ෂණ භාවිතාව, තොරතුරු පනතේ අනාගතය ආදී තේමා යටතේ සමුළුව පැවැත්වෙන අතර එහි දෙවැනි දිනය අද (09). සමුළුව සඳහා නොර්වේ, ඉන්දියාව, පකිස්ථානය, මියන්මාරය යන රටවල නියෝජිතයින් හා මෙරට මාධ්‍යවේදීන් ද සහභාගී වේ.