Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

එබෝලා ආසාධිතයින් 400 ක් සොයා ගැනේ

කොංගෝ රාජ්‍යයේ පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

මේ හේතුවෙන් පර්යේෂණ මට්ටමේ පවතින එබෝලා එන්නතක් ආනයනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එරට බලධාරීන්ට අවසර ලබාදී ඇති බව වාර්තා වේ. කොංගෝ රාජ්‍යයේ ග්‍රාමීය ප්‍රදේශ තුනක එබෝලා වෛරසය පැතිර යමින් තිබේ. පසුගිය සති කිහිපය තුළ පමණක් එරටින් ඉබෝලා ආසාධිත බවට සැක කෙරෙන රෝගීන් 39 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් සඳහන් වේ.


ඒ අනූව එරටින් වාර්තා වන එබෝලා ආසාදිතයින් ගණන 400 කි. වෛරසය ආසාධනය වීමෙන් සෞඛ්‍ය සේවකයින් තිදෙනෙකුද මියගොස් ඇති බව පැවසේ.