Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

400 කට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට පියවර

විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම අද (16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක දී මෙම පිරිසට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කෙරෙන බව ආගමන විගමන පාලක ජනරාල් එම්.එන්. රණසිංහ මහතා පවසයි. පසුගිය වසර 03 තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 32,000ක් පමණ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.