Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන විශේෂ නියෝජිත උප අග්‍රාමාත්‍ය ලියු හ මහතා හමුවේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අග්‍රාමාත්‍ය ලියු හ මහතා හමු වේ.

චීන ඇමරිකා සම්පූර්ණ ආර්ථික සංවාදයේ ප්‍රධාන පුද්ගලයා වශයෙන් ද ලියු හ මහතා සැළකේ. එම හමුවේදී දෙපාර්ශ්වය ආර්ථික වෙළඳ සම්බන්ධතාව පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හුමවාමරු කර ගෙන තිබේ. ඇමරිකාව සමග එක්ව සමානාත්මතාවයෙන් සහ අන්‍යෝන්‍ය යහපත මූලික කර ගැනීමෙන් දෙරටේ ආර්ථික වෙළඳ ගැටළුව නිරාකරණය කරගත හැකිය. ‍

ආර්ථික වෙළඳ සහයෝගීතාව ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ එංජිම සහ පදනම බව සහතික කිරීමට කටයුතු කළ යුතු බව ද ලියු හ මහතා එහිදී ප්‍රකාශ කළේය. ඇමරිකා - චීන ආර්ථික සම්බන්ධතාව යහපත් වර්ධනීය ප්‍රවණතාවක පවතින බවත් දෙරට අතර විශාල ආර්ථික වෙළඳ සහයෝගීතා අවකාශයක් පවතින බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී පැවසීය.

දෙරටේ ජනතාව වෙනුවෙන් වඩාත් ප්‍රයෝගික ඵල ප්‍රයෝජනයක් නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව සහ චීනය බලශක්තිය, නිෂ්පාදන කර්මාන්තය යන ක්ෂේත්‍ර පිළිබඳ වෙළඳාම සහ ආයෝජන සහයෝගීතා පුළුල් කළ යුතුය. කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳාම සහ එහි වෙළඳපලට ප්‍රවේශවීම පුළුල් කළ යුතු වේ. බුද්ධිමය දේපල අයිතිවාසිකම් සුරැකීම අතින් සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ද ඇමරිකානු ජනාධිපතිවරයා එම හමුවේදී පෙන්වා දී තිබේ.