Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 17, 2018

විදෙස්ගතව ජීවත් වුවත් මව්බිමේ දියුණුවට උදව් කරන්න - අමාත්‍ය එස්.බී.නාවින්න

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 468 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කෙරේ.

කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්වීඩනය, එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතික ශ්‍රි ලාංකිකයින්ගෙන් යුත් මෙම පිරිසට ද්විත්ව පුරවැසි සහතික ප්‍රදානය කිරීම අමාත්‍ය එස්.බී.නාවින්න මහතා අතින් සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබන අයට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමි පහසුකම් හා වරප්‍රසාද ලැබෙන නමුත් මෙරට පැවැත්වෙන මැතිවරණයකට තරඟ කිරීමේ අයිතිය පමණක් නොලැබෙන බවයි.

 නමුත් මේ රටේ ආයෝජනය කිරීමට, ව්‍යාපාර පවත්වාගෙන යාමට හා දේපළ මිලදී ගැනීමට ඉඩ ලැබෙන බවින් ඒ සඳහා උනන්දු වන ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මෙවර සිදු කරන්නේ 21 වැනි වතාවටයි. පසුගිය වසර දෙක හමාර තුළ 32,000කට පමණ ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇත.

සෑම දෙනාම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ජාතික හැදුනුම්පතක් ලබාගත යුතුය. එසේ ම ඔවුන්ට තමන් පදිංචි රටේ ගමන් බලපත්‍ර සමඟ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ද පාවිච්චි කළ හැකියි.