Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

උතුරු කොරියානු නායකවරයා චීන ජනපති සමඟ සාකච්ඡා පවත්වයි

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීන ජනාධිපති ෂී ජින් පින්ග් හමුවී සාකච්ඡා පවත්වා ඇති බව පැවසේ. උතුරු කොරියානු නායකවරයා චීන ජනාධිපතිවරයා හමුවී ඇත්තේ, චීනයේ දාලියන් නගරයේදීය.

මෙම සංචාරය සිදුව ඇත්තේ පසුගිය 07 වැනි දිනය. කොරියානු අර්ධද්වීපයට දීර්ඝකාලීන සාමයක් ගෙන ඒම සහ කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් නායකයින් දෙදෙනා මෙම සාකච්ඡා වලදී අවධානය යොමු කර තිබේ.

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් උතුරු කොරියාව ගෙන ඇති උපායමාර්ගික පියවරට හැකි උපරිම සහාය දක්වන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. වසර 2011 දී බලයට පත්වීමෙන් පසු උතුරු කොරියානු නායකයා පසුගිය මාර්තු මාසයේ දී චීනයේ සංචාරයක නිරත වූ අතර, මෙම සංචාරය උතුරු කොරියානු නායකයාගේ දෙවැනි චීන සංචාරය ලෙස සැළකේ.