Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

මහතිර් මොහොමඩ් අගමැති සටනේ

වසර 5 කට පසුව පැවැත්වෙන මැලේසියානු මහ මැතිවරණයෙන් එරට විපක්ෂ නායක 92 හැවිරිදි වියේ පසුවන මහතීර් මොහොමඩ් ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලොව වයස්ගතම පුද්ගලයා වනු ඇති.

කෙසේ වෙතත්, මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවට විචාරකයින් මත පළ කරයි. ඊයේ පැවැති මහ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 222 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත අතර, ඡන්ද භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 14 යි දශම 4කි.