Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

ඇමරිකාව මැදපෙරදිග සාම ක්‍රියාවලියේ මැදිහත්කරු ලෙස පිළි නොගන්නා බව පලස්තීනය පවසයි

පලස්තීන ඊශ්‍රායල සාම ක්‍රියාදාමය වෙනුවෙන් ඇමරිකාව එකම මැදිහත්කරුවෙක් ලෙස පෙනී සිටීම තමන් පිළි නොගන්නා බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා පවසයි.

ඇමරිකාවේ මැද පෙරදිග සාම ක්‍රියාදාමය පිළිබඳ ශතවර්ෂ ගිවිසුම පිළි නොගන්නා බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.


ජෙරුසෙලම පිළිබදව හා පලස්තීන සරණාගතයන් මෙන්ම යුදෙව් ජනාවාස යන ප්‍රශ්න සාම සාකච්ඡා වලින් ඉවත් කර තිබීම ඊට හේතුව බව පැවසේ. නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර ලෙසට පිළිගැනීම ඇමරිකාව කළ යුත්තක් බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ අදහස වී තිබේ.