Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

යුරෝපා සංගමය සමග පැවැති සාකච්ඡා සාර්ථකයි - ඉරාන විදේශ අමාත්‍යය

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග සංවර්ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වූ බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි.

ඉරානයේ විදේශ අමාත්‍ය Mohammad Javad Zarif මහතා යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ජේෂ්ඨ නියෝජිත Federica Mogherini මහත්මිය සමග සාකච්ඡා කළ බව පැවසේ. එය වඩාත් සුබවාදී සංවර්ධනාත්මක සාකච්ඡාවක් බව Mohammad Javad Zarif මහතා පැවසූ බව ඉරාන මාධ්‍යය ද වාර්තා කර ඇත. ඉරානය සහ යුරෝපා සංගමය “එම න්‍යෂ්ටික ගිවිසුමේ වත්මන් තත්වය සහතික කිරීමේ පියවරයන්” වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ද පැවසේ.

ඇමරිකාව හැර ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අදාළ සෙසු පාර්ශ්වයන් පොදු යහපත වෙනුවෙන් පෙනී සිටී. විශේෂයෙන්ම එමඟින් ඉරානයට යහපත ගෙන ඒම සහතික කිරීම සඳහා නිවැරදි මාර්ගයක සිටින බව Mohammad Javad Zarif මහතා වැඩිදුරටත් කියා සිටියේය.