Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

සිරියාවේ ස්වෛරීත්වය වෙනුවෙන් එක්වන්න

සිරියාවේ ස්වෛරීත්වය වෙනුවෙන් සහ එරටට සාමය උදා කිරීම වෙනුවෙන් තමන් කැපවෙන බව රුසියාව, ඉරානය සහ තුර්කිය ප්‍රතිඥා දෙයි.

දිනෙන් දින උත්සන්න වෙමින් පවතින සිරියානු අර්බුදයට කඩිනමින් විසඳුමක් ලබාදීම තම ප්‍රධාන අරමුණ යැයි තුර්කිය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය මෙව්ලුත් කවුසෝග්ලු, ඉරාන විදේශ අමාත්‍ය මොහොමද් ජවාද් සරීෆ් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මොස්කව් නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වූහ. බටහිර රටවල් ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් සිරියානු අර්බුදයට මැදිහත් වන බව පෙන්වා දෙමින් එය වැළැක්වීමට පියවර ගත යුතු බව රටවල් තුනේහි විදෙස් අමාත්‍යවරු එකඟත්වය පළ කළහ.