Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

ඉන්දියාවේ නව දිල්ලි ප්‍රාන්තයට දූලි කුණාටුවක්

ඉන්දියාවේ නවදිල්ලි නගරයට 07 වැනි දින රාත්‍රියේ හමාගිය ධූලි කුණාටුවකින් හානි රැසක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ සමඟම ධාරානිපාත වර්ෂාවක් ද ඇති වී තිබෙන බව සඳහන්. සුළි කුණාටුවෙන් ගස් ඉදිරී විදුලි සැපයුම්වලට බාධා එල්ල වී ඇති අතර, දිල්ලියේ පාසල් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ක්‍රියා කළේය. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවලට ද සුළි කුණාටු තත්ත්වයක් බලපැවැත්විය හැකි අතර, ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 90 ඉක්ම වූ සුළං ප්‍රවාහයක් ඇතිවිය හැකි බවයි ඉන්දීය කාලගුණ අංශ සදහන් කර ඇත්තේ.