Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

අඩු වියදම් විදුලි සැලැස්මට කොමිසමේ අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඉදිරිපත් කර ඇති අඩු වියදම් සැලැස්ම සඳහා අවම පිරිවැය මූලධර්ම පාදක කොට තම කොමිසම අනුමැතියදී තිබෙන බව මහජන උපයෝගීතා කොමිසම ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇත.

මහජන උපයෝගීතා කොමිසම විසින් දිගුකාලීන ජනතා සැලැස්ම අනුමත කිරීමේදී ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 (8) වගන්තිය යටතේ අවම පිරිවැය මූලධර්ම පාදක කොට අනුමත කර ඇති සැලැස්මක් හැර වෙනත් ආකාරයේ සැලැස්මක් අනුමත කිරීමට අවශ්‍ය නම්, එම සැලැස්මට අඩංගු කළ යුතු අවම පිරිවැය මූලධර්ම යටතේ සුදුසුකම් නොලබන ජනන ප්‍රභවයන්ද ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය විදුලිබල පනතේ 5 වෙනි වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව වෙත දන්වා එවිය යුතු බවද මෙම ලිපිය ජනාධිපති ‍ලේකම්වරයා දැනුම්වත් කර තිබේ.

මෙම ජනන සැලැස්ම අනුමත කිරීමට පෙර එවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් වේ නම් එය තම කොමිසම වෙත ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි නමුත් මතෛක් එවැන්නක් නොලැබුණු බවද එම ලිපියේ සඳහන් වේ. මහජන උපයෝගීතා කොමිසම නීත්‍යානුකූලව අනුමත කර ඇති අවම පිරිවැය සහිත දිගුකාලීන විදුලි ජනන සැලැස්ම වෙනුවට වෙනත් විදුලි ජනන සැලැස්මක් අනුව ක්‍රියාකිරීම සඳහා විදුලිබල පනතේ 5 වන වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීරණයක් අවශ්‍ය බව එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත.