Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 1, 2018

ඉරානයට තවමත් චෝදනා එල්ල වේ

බටහිර රටවලට හොරෙන් ඉරානය පරමාණු බෝම්බ නිපදවනවා යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉරානයට චෝදනා කරයි. තම චෝදනා ඔප්පු කිරීමට ඉරානයෙන් ලබා ගත් පිටු 55,000 කින් සමන්විත රහස් ලියකියවිලි රැසක් ඇති බව ද ඊශ්‍රායල අගමැති නෙදන්යාහු වැඩි දුරටත් කියා සිටී.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල්, චීනය සහ රුසියාව ද හවුල් කර ගනිමින් 2015 වසරේ දී ඉරානය සමඟ එකඟතාවකට යමින් න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගත්තේය. එම අවස්ථාවේදී ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය.


මෙය ඊශ්‍රායලයේ දැඩි විරෝධයට හේතුවක් විය. ඊශ්‍රායලය තරයේ කිසි සිටියේ න්‍යෂ්ටික එකඟතාව හරහා ඉරානයට ‘බුරුලක්’ දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

එකඟතාව වෙනස් කරන්නේ නැහැ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම වෙනස් නොකරන බව මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය සදහන් කරයි. එම ගිවිසුම සංශෝධනය කළ යුතු බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහස වී තිබේ. ට්‍රම්ප් සූදානමින් සිටින්නේ ගිවිසුමෙන් ඉවත්වීමටය. ඉරානයේ න්‍යෂ්ටික කටයුතු පාලනය කිරීමට නම් මෙම එකඟතාව අවශ්‍ය බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් පෙන්වා දී ඇත.