නව අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් සම්බන්ධ ගැසට් නිවේදනය ලබන සතිය ඇතුළත නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ අදාළ අමාත්‍යාංශ සතු ආයතන විද්‍යාත්මක පදනමින් වෙන් කළ යුතු බවයි.
මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ සියලු ගැසට් නිවේදන නිකුත් වීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වූ මැති ඇමතිවරුන් 16 දෙනා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසන පැනවීමට තීරණය කර තිබේ. ඒ අතර සිටින කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇත. මේ හේතුවෙන් ඔවුන් සඳහා විපක්ෂයේ ආසන පැනවීමට කටයුතු යොදා තිබේ.
ආණ්ඩුවෙන් ඉවත් වූ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදන මෙතෙක් නිකුත් වී නොමැත. ඒ හේතුවෙන් ඔවුන් වෙනුවෙන් විපක්ෂයේ ආසන පැනවීම පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.