Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

යේමනයේ වයඹ දිග ප්‍රදේශයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර

යේමනයේ වයඹ දිගින් වන්නට පිහිටි සාදා දිස්ත්‍රික්කයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේ නිවසක විසූ පුද්ගලයින් සිව් දෙනෙක් සහ සාප්පු හිමියෙක් මියගිය බව සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  ප්‍රහාරයේ වගකීම ඉරානයේ අනුග්‍රහය ලබන හූති සටන්කාමීන් විසින් භාරගෙන ඇති බවයි. මේ වන විට සානා අගනුවර ද ඇතුළුව යේමනයේ වැඩි කොටසක බලය අත්පත් කරගෙන සිටින්නේ හූති සටන්කාමීන් විසිනි. ඔවුන් පසුගිය කාලසීමාව තුළ මෙලෙස රට අභ්‍යන්තරයේ ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.