Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

ෆේස්බුක් සමාගමේ ආදායම් එලෙසමයි

ෆේස්බුක් සමාගම සම්බන්ධයෙන් ඇමරිකාව සිදුකළ සමීක්ෂණයකදී එහි ආදායම් තත්ත්වයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව හෙලිව ඇති බව පැවසේ.

ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 87 කගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බවට කේම්බ්‍රිජ් ඇනලිටිකා නැමති සමාගමට චෝදනා එල්ලවූ අතර, අදාළ තොරතුරු ෆේස්බුක් ආයතනය මඟින් එම ආයතනයට ලබාදුන් බවට පසුව හෙළිවිය. එලෙස චෝදනා එල්ලවුවත් ෆේස්බුක් සමාගමේ ආදායම් තත්ත්වයේ කිසිදු වෙනසක් මේ වන තෙක් සිදුව නොමැති බවයි, සිදුකළ සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ.

මේ වන විට ලොව පුරා ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පරිහරණය කරන ගිණුම් හිමියන්ගේ සංඛ්‍යාව බිලියන 2.2ක් බව සඳහන්.