Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 5, 2018

චීන - ඇමරිකානු ආර්ථික වෙළෙඳ සාකච්ඡා සාර්ථකද?

දින දෙකක් පුරා බෙයිජිංහි පැවති සාකච්ඡාවලදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අගමැති ලියු හ මහතා සහ ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, මුදල් ඇමති Steven Terner Mnuchin මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම සැළකිය යුතු ආකාරයේ එකගතා කිහිපයකට පැමිණි බව පැවසේ.

වඩාත් විධිමත් හා ස්ථාවර ආර්ථිකයක් චීනයට හා ඇමරිකාවට හිමිවිය යුතු බව ඔවුන්ගේ අදහස විය. ඇමරිකාව හා චීනය අතර අපනයනය ව්‍යාප්ත කිරීම, ද්විපාර්ශ්වික වෙළෙඳාම, අන්‍යෝන්‍ය ආයෝජන, බුද්ධිමය දේපල අයිතිය සුරැකීම, රේගු බදු යනාදිය පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබේ.