Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

“ටෙල් අවිව්” හී පවතින තානාපති කාර්යාලය පිළිබද ජපන් අගමැතිගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලයේ පිහිටි තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු නොකරන බව ජපාන අගමැති ෂෙන්සෝ අබේ පවසයි. ජපාන අගමැති ෂෙන්සෝ අබේ මෙලෙස කියා සිටියේ පලස්තීන පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන නායක මොහොමද් අබ්බාස් හමුවෙමිනි.

පලස්තීනුවන්ටඉන් විශාල අසාධාරණයක් සිදුවන බව ජපානයේ විශ්වාසයි. ඊශ්‍රායලයේ ටෙල් අවීව් හී ඇති තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරමින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට පත් කිරීමේ අදහසක් ජපානයට නොමැති බව අගමැතිවරයා පෙන්වාදේ.

ටෙල් අවීව් නුවර පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලය ජෙරුසලටම මාරු කිරීමට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන ඇත. මෙය බොහෝ රටවල දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. ඇමෙරිකාවට සහාය පල කිරීමක් ලෙස තවත් රටවල් කිහිපයක් ඔවුන්ගේ තානාපති කාර්යාල ජෙරුසලමට මාරු කිරීමට ද පියවර ගත්තේය. මැදපෙරදිග සාමය වෙනුවෙන් ඇමෙරිකාව මැදහත්කරුවකු වීම තමන් ප්‍රතික්ෂේප කරන බව පලස්තීන පාලන අධිකාරිය ද පසුගියදා පවසා තිබිණ.