දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බවත් ඇතැම් විට එය වසංගත තත්ත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.
විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙය ළමයින් අතර පැතිරීමේ ප්‍රවණතාව වැඩි බවයි. පසුගිය දින කිහිපයේ දී කරාපිටිය රෝහලේ දී දරුවන් කිහිපදෙනකු මියයාමට හේතු වූ වෛරසය මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වය ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැතත් ඒ පිළිබඳවද වැඩිදුර සොයා බලමින් පවතින බව හෙතෙම පැවසීය.
මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වය ආකාර තුනකට පැතිරේ. ඉන්ෆ්ලුවන්සා වෛරසය, ඇඩිනෝ වෛරසය, නියුමෝකොකල් බැක්ටීරියා තත්ත්වය යන ආකාර තුනෙන්ම මෙම රෝගය පැතිරෙන අතර මෙවර එම ආකාර තුනේම රෝගීන් දක්නට ලැබෙන බව ද හෙතෙම පැවසීය.