Social Icons

facebookrss feedemailtwitter

Friday, September 21, 2018

මර්ජුවානා දකුණූ අප්‍රිකාවේ නීත්‍යානුකූල වේ

නීති විරෝධී මත්ද්‍රව්‍යයක් වන මර්ජුවානා නීත්‍යානුකූල කිරීමට දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාධිකරණය විසින් තීන්දු කර ඇත.

වැඩ බලන අග විනිසුරු වූ රේමන්ඞ් සොන්ඩෝ විසින් සිය තීන්දුව දෙමින් ප්‍රකාශ කර ඇත්තේ “පූර්ණ වියට පත් වැඩිහිටියෙකු හට සිය පුද්ගලික ස්ථානයකදී මර්ජුවානා ළඟ තබා ගැනීම, භාවිත කිරීම හා අයත් කර ගැනීම සාපරාධී වරදක් නොවන බවයි.

කෙසේවෙතත් මරිජුවානා ප්‍රසිද්ධ ස්ථාන තුළ විකිණීමට හා භාවිත කිරිමට අවසර ලබා දී නොමැත. නීතිය පාර්ලිමේන්තුව හරහා බලාත්මක කිරීමට මාස 24 ක කාලයක් ලබා දී ඇති අතර, ඒ වන තෙක් මර්ජුවානා පුද්ගලිකව පරිහරණය කරනු ලබන වැඩිහිටියන්  ආරක්ෂා කිරීම ද මෙම නඩු තීන්දුව හරහා සිදුවෙයි. මේ වන විටත් අප්‍රිකානු මහද්වීපයේ ලෙසතෝව, සිම්බාබ්වේ යන රාජ්‍යයන් ද මෙම වගාව නීත්‍යානුකුල කර ඇත.