Social Icons

facebookrss feedemailtwitter

Friday, September 28, 2018

රුපියල ස්ථාවර වෙයි

රුපිය‍ලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 60 ක් වෙළෙඳ ‍පොළට නිකුත් කර තිබේ.

ඒ අනුව ඉකුත් සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.65 ක් වුවද ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.39 ක් ලෙස රඳවා ගැනීමට සමත්ව තිබිණි. එසේ වුවද දිගින් දිගටම ඩොලරයේ අගය ඉහළ යාම වළක්වා රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම වෙළෙඳ ‍පොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් තරම් නොතිබිම නිසා වෙළෙඳ ‍පොළට ඩොලර් මුදා හැර රුපියල අවප්‍රමාණය කිරීමට උත්සාහ දැරීම ඉතාම තාවකාලික විසඳුමක් වේ.