Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

විෂ මත්ද්‍රව්‍ය පිළිබද පැමිණිළි සදහා විශේෂ මැදිරියක්

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ඇරඹීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කර තිබේ.

පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය 18වැනි දින පෙරවරු 6 සිට ආරම්භ වී නැවත දැනුම් දෙන තුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනු ඇති. පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ මහජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාවය සුරැකෙන ලෙස විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු මෙම මැදිරිය වෙත ලබා දිය හැකියි. දුරකථන අංක මෙසේ දැක්වෙයි.
011- 3024803
011- 3024815
011- 3024820
011- 3024848
011- 3024850
ෆැක්ස් අංකය - 011- 2472757