Social Icons

facebookrss feedemailtwitter

Friday, September 21, 2018

උතුරු කොරියාවේ මිසයිල අත්හදාබැලීමේ මධ්‍යස්ථානයක් වසා දෑමීමට තීරණය කෙරේ

උතුරු කොරියාවේ මිසයිල අත්හදාබැලීමේ සහ මිසයිල දියත් කිරීමේ ප්‍රධාන ස්ථානයක් වසා දැමීමට උතුරු කොරියානු නායකයා එකඟතාව පල කල බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පවසයි.

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවති සාකච්ඡාවේදී එම එකඟතාව පල වූ බව දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. තමා නුදුරු අනාගතයේදී දකුණු කොරියාවේ සංචාරයක නිරත වන බව ද කිම් ජොං අන් එහිදී ප්‍රකාශ කර තිබේ.