Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 26, 2018

රුසියාව සිරියාවට මිසයිල පද්ධතියක් ලබා දේ

සිරියාවට එස් - 300 ගුවන් යානා නාශක මිසයිල ලබා දීමට රුසියාව තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ, සිරියාවේ දී ඊශ්‍රායල ප්‍රහාරක යානාවලට එල්ල කළ ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුවයි.

මිසයිල පද්ධතිය සති දෙකක් තුළ සිරියාවට ලබා දෙනු ඇති. රුසියාවේ නිෂ්පාදිත මෙම අති නවීන මිසයිල පද්ධතිය මගින් ගොඩබිම සිට ප්‍රහාර එල්ල කළ හැකියි. කිලෝමීටර 05 - 150ක් දක්වා දුරකට ක්‍රියාත්මක විය හැකි මෙයට ඉලක්කයක් හඳුනාගෙන තත්පර තුනක් ඇතුළත ඊට මිසයිල දෙකක් නිකුත් කළ හැකිවේ.  මෙම මිසයිලයට කිලෝ මීටර 30ක් දක්වා ඉහළට පියාසර කිරීමේ හැකියාව ද පවතී.