Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලංකාව අවදානම් තත්වයක

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්වයක පසු වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ගත්කළ කලාපීය වශයෙන් වැදගත් මූල්‍ය මධ්‍යස්ථානයක් නොවුණ ද එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසුවන බව එම වාර්තාවේ සඳහන් වේ. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන ලද වාර්තාවේ එම කරුණු සඳහන්ව ඇත.