Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

රියදුරු බලපත්‍රයේ තොරතුරු හැඳුනුම්පතට ඇතුළත් කිරීමට යයි

ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

රියදුරු පරික්ෂණ බාහිර ආයතන දෙකකට ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ද සදහන් කළ ජගත් චන්ද්‍රසිරි මහතා කියා සිටියේ මෝටර් රථ පරික්ෂකවරුන් ලෙස බඳවා ගන්නා සංඛ්‍යාව අඩු කිරිමට ද මෙමගින් අපේක්ෂා කරන බවයි. මීට අමතරව රියදුරු පුහුණුව ලබාදෙන ආයතන නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද ඔහු පැවසීය.