Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

මාලදිවයින් මැතිවරණයේ ජය ඊබ්‍ර්හිම් මොහොමඩ් දිනාගනී

මාලදිවයින් ජනාධිතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව තමන් ජයග්‍රහණය කල බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් පවසයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරණයේ ප්‍රතිවාදි අපෙක්ෂකයා වූ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමින්ට වඩා 16%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් මැතිවරණයේ ජය තහවුරු කරගෙන ඇති බවයි. කෙසේ වෙතත් මාලදිවයින් මැතිවරණ කොමිසම මෙතෙක් කිසිදු නිල ජන්ද ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර නොමැත. ඒ අනුව මාලදිවයින් මැතිවරණ කොමිසම නිවේදනය කළේ, අවසන් නිල ජන්ද ප්‍රතිඵලය මේ මස 30 වැනිදින ප්‍රකාශයට පත්කරන බවයි.