Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ

බෞද්ධ දර්ශනයේ මූලික කරුණු ඇතුළත් ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ප්‍රධානම ස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණ වැනි කටයුතු මින් ඉදිරියට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීමට අනුමැතිය හිමි වේ. මේ බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කර සිටී.