Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 26, 2018

ඉරානය සිය යුද ශක්තිය පෙන්වයි

ඉරාන ගුවන් සහ පාබල හමුදාව එක්ව මුලෝපායික වශයෙන් වැදගත් යුධ අභ්‍යාසයක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදි පවත්වා ඇති බව වාර්තා වේ. “ශක්තිය ප්‍රදර්ශනය’’ යනුවෙන් යුධ අභ්‍යාසය නම් කර ඇත.

බටහිර රටවලට සිය යුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීම ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසේ. ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා ඇති සම්බාධක වැඩි කරන බවට ප්‍රකාශ කිරීමත් සමගම යුධ අභ්‍යාසය පැවැත්වීම විශේෂත්වයකි.