Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

පසුගිය වසර 2 තුළ යාපනයේ රැකියා වියුක්තිය දෙගුණ වේ

2015 වසරේ දී 5.7% ක්ව පැවති යාපනය දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ති අනුපාතිකය 2017 වසර අවසානය වන විට 10.7% ක් දක්වා වර්ධනය වී ඇති බව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

මේ අතර උතුරු පළාතේ මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල රැකියා වියුක්තිය පසුගිය වසරක කාලය තුළ දී සුවිශේෂී ලෙස පහළ ගොස් තිබේ. මෙහිදී 2016 වසරේ දී 7.1% ක් ලෙසින් සටහන්ව තිබූ මන්නාරම දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ති අනුපාතිකය 3.8% දක්වා ද, වවුනියාව දිස්ත්‍රික්කයේ මෙම අගය 5.2% සිට 2.8% දක්වා ද 2017 වසර තුළ දී අඩු වී තිබේ.