Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 12, 2018

බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් ලක්ෂ 1,940ක ආධාර

ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත්කිරීමේ අරමුණින් උතුරු පළාතේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් 1,249,997 ආධාරයක් ලබාදීමට ජපාන රජය තීරණය කරයි.

වසර 2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව මේ ආධාරය ලබාදෙන අතර ඊට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දී සිදුවිය.