Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

බේකරි නිෂ්පාදන රුපියල් 5කින් යළිත් ඉහළට

පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය විසින් නව බදු අය කිරිමත් සමඟ මෙම තීරණය ගත් බවයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේ. තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පසුගිය 3 වනදා ද පාන් රාත්තලක මිල රුපියල් 5 කින් ඉහළ දැමුණා.