Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

මිතිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් නතර කෙරේ

රොකට් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර ක්‍රියාකාරීව පැවති එකම ගුවන් තොටුපල වන මිතිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු නතර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ගුවන් තොටුපලට පැමිණෙන සියලු යානා යලි හරවා යැවීමට බලධාරීන් තීරණය කර ඇත. කැරලි කණ්ඩායම් අතර පැවති ගැටුම් හේතුවෙන් මීට පෙර තාවකාලිකව වසා දමා තිබූ එම ගුවන් තොටුපල යලි මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කර ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේ බව වාර්තා වේ.