Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

ආසියානු වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තෙවැනි තැන

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය හිමි කරගනී.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා එය නිමාවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග වට 3 - 0 කින් බංග්ලාදේශය පරාජයට පත් කළේය. ශ්‍රී ලංකා - බංග්ලාදේශ අතර තරගයේ මුල සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය අණසක පැතිරවීය. ලකුණු තත්ත්වය වූයේ 25 -16, 25 - 17 හා 25 - 17ක් ලෙසයි. එම ප්‍රතිඵලය අනුව බංග්ලාදේශය මේ තරගාවලියේ 4 වැනි ස්ථානයට පත්විය. ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ 8 වැනි ස්ථානය මොන්ගෝලියාව, 7 වැනි ස්ථානය මැලේසියාව, 6 වැනි ස්ථානය හොංකොං හා 5 වැනි ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් අත්කර ගත්හ.