Social Icons

facebookrss feedemailtwitter

Friday, September 21, 2018

මියන්මාරයට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක්

රෝහින්යා සරණාගතයින් සම්බන්ධයෙන් මියන්මාරයට එල්ල වී ඇති අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එමගින් රෝහින්යා සරණාගතයින් දහස් සංඛාත පිරිසක් ඝාතනය කිරීම හා ලක්ෂ 7ක පමණ පිරිසක් අවතැන්වීම සම්බන්ධයෙන් මියන්මාර හමුදාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතී සම්පාදක ෆැටෝ බෙන්සෝවුඩා පවසා ඇත්තේ මියන්මාර හමුදාවට එල්ල වී ඇති මූලික අයිතිවාසිකම් කඩවීම්, ඝාතනය කිරීම් හා ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.