Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

උතුරු කොරියානු සහ අමෙරිකානු රාජ්‍ය නායකයින් අතර හමුවක්

උතුරු කොරියානු සහ අමෙරිකානු නායකයින් අතර තවත් හමුවක් පැවැත්වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් නිල ආරාධනයක් සිදුකර තිබේ.

කිම් ජොං අන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කරමින් මෙම ආරාධනය සිදුකර ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. ඒ අනුව එම ආරාධනය ඉතා උණුසුම් අයුරින් ධවල මන්දිරය පිලිගෙන ඇති අතර රාජ්‍ය නායකයින් දෙපල අතර හමුව සඳහා කටයුතු සූදානම් කරන බව ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සඳහන් කර ඇත.