Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 19, 2018

කිලෝ 5000ක් මිලට ගන්න වී අලෙවි මණ්ඩලය සූදානම්

වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි.

වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මෙතෙක් මිල දී ගත් වී ප්‍රමාණය එක් ගොවියකුගෙන් කිලෝග්‍රෑම් 3000 කි. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 5000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිවේ.


ගොවීන්ගෙන් මිලදී ගන්නා නාඩු වී කිලෝවක් රු.38 ක් සහ සම්බා වී කිලෝවක් රු.41ක සහතික මිලකටත් වී අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබයි. 2018 යල කන්නයේ දී වී අස්වනු මිලදී ගැනීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර, ගොවීන්ට පහසුවෙන් වී අස්වනු විකුණා ගැනීම සඳහා අවශ්‍ය පොලිසැක් කවර පවා වී අලෙවි මණ්ඩලය ගොවින්ට නොමිලේ ලබා දී ඇත.