Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 19, 2018

ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 8000ක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 8000 මුදලක් (ඇ.ඩො. 50) ලබා දේ.

ඒ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය ඊයේ (18) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තැබූහ.