Social Icons

facebookrss feedemailtwitter

Friday, September 21, 2018

ලොව දරුවන් 5 කුගෙන් 1 අයෙක් අධ්‍යාපනය නොලබයි

ලොව දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පාසල් අධ්‍යාපනය නොලබන බව යුනිසෙෆ් සංවිධානය පවසයි. ඒ අනුව ලොව පුරා අවුරුදු 05ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් මිලියන 303ක පමණ පිරිසක් පාසල් අධ්‍යාපනය නොලබන බව යුනිසෙෆ් සංවිධානය සදහන් කර සිටී.

එම සංවිධානය එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ සමුළුවට ඉදිරිපත් කළ වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය වී ඇත. පාසල් නොයන දරුවන් අතරින්  වැඩි පිරිසක් යුධ ගැටුම් පවතින හෝ විවිධ ආපදා සිදුවන රටවල ජීවත් වන්නන් බව අනාවරණය වී තිබේ. එමෙන්ම ලොව පුරා වෙසෙන අවුරුදු 15 - 17ත් අතර වයසේ පසු වන දරුවන්ගෙන් පහෙන් එකක ප්‍රමාණයක් කිසිසේත් පාසල් අධ්‍යාපනය නොලැබිය හැකි ප්‍රදේශ වල සිටින අතර සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රථමික අධ්‍යාපනය හෝ ලබා නොමැති බව ද අනාවරණයවේ.