Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 26, 2018

වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රොඒෂියාවේ ලුකා මොඩ්රිච්ට

ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒෂියා කණ්ඩායමේ නායක ලූකා මොඩ්රිච් 2018 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගනී.

සම්මානය පිරිනැමුනේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන උළෙලේදීය. ක්‍රොඑෂියා පාපන්දු කණ්ඩායමේ නායක ලූකා මොඩ්රිච්, ඊජිප්තුවේ මොහොමඩ් සාලා හා පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම සම්මානය සඳහා නිර්දේශ වී සිටියා.


වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය පිරිනැමුණේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩිකා මර්ටා වියෙරා ඩා සිල්වාටයි. මෙවර පාපන්දු ලෝක කුසලානය හිමිකර ගත් ප්‍රංශ පාපන්දු කන්ඩායමේ පුහුණුකරු ඩිඩියර් ඩිස්චැම්ප්ස් වසරේ පාපන්දු පුහුණුකරුට හිමි සම්මානය හිමිකර ගත්තේය.


වසරේ හොඳම ගෝලයට හිමි සම්මානය හිමිවුයේ ඊජිප්තුවේ මොහොමඩ් සාලාටය.